හේමා පේ‍්‍රමදාස මහත්මියත් ඊයේ රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ කථා කර ඇති බව. ආරංචි වු බවත් ඊට පස්සේ හේමා පේ‍්‍රමදාස මහත්මිය මහත්තයා හිටියා නම් බලා ගන්න තිබුණා යැයි පැවසු බවත් හොඳ වේලාවට
මහත්තයා හිටියේ නැත්තේ යැයි කියවු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ මහතා පවසයි.

ඒ මහතා ඒ බව පැවසුයේ සැමට යුක්තිය වියත් සංසදය මාවනැල්ල සංවිධානය විසින් සංවිධානය කර තිබු වියත් සංසදය සම්මන්ත‍්‍රණයට සහභාගි වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විමල් විරවංශ මහතා ,

“දැන් එක්සත් ජාතික පක්ෂයේ මණ්ඩලය කචල්. සජිත් පේ‍්‍රමදාස කියනවා මම ඉල්ලනම් කියලා. ඊයේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා ඔයාට ඉල්ලන්න දෙන්නම් හැබැයි කොන්දේසි යටත්ව කියලා. මොනවාද කොන්දේසි. අගමැති රනිල් වික‍්‍රමසිංහ විය යුතුයි. පක්ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ විය යුතුයි. මාස 6 ක් ඇතුලත ජනාධිපතික‍්‍රමය අහෝසි කර යුතුයි. සජිත් දිනුවොත් නැවත අගමැති රනිල්. එතකොට රාජ්‍ය නායකයා රනිල් කොහොමද ටිකිරි මොළේ.

එතකොට බලනවා සජිත්ව දෙවැනි සිරිසේන මහත්තයා කරගන්න. ඊළගට කියනවා බලය බෙදිමට එකඟ විය යුතුයි කියලා.
තව තියනවා අතුරු කොන්දේසි. මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා විය යුත්තේ පක්ෂ නායකයාය. ආණ්ඩුවක් පිහිටවුවහොත් එහි මුදල් ඇමැතිවරයා විය යුත්තේ එහි පුර්ව බලතල සහිතව රවි කරුණානායක මහතාය. දැන් සජිත් කියලා තියෙනවා මේ කොන්දේසි වලට නම් මට එකඟ වෙන්න බැහැ කියලා.

හේමා පේ‍්‍රමදාස මහත්මියත් ඊයේ ගිහින් රනිල් වික‍්‍රමසිංහ මහත්තයාත් එක්ක කථා කරා කියලා ආරච්චි ඊට පස්සේ හේමා පේ‍්‍රමදාස මහත්මිය කිවාලූ මහත්තයා හිටියා නම් බලා ගන්න තිබ්බා කියලා. හොඳ වේලාවට මහත්තයා හිටියේ නැත්තේ. මේ අර්බුදය වෙන අර්බුදයක් නොවෙයි.

රනිල් බලන්නේ මොකද්ද සජිත්ට කොන්දේසි දාලා දනවා. පිනන්න දානවා අත්දෙක නිදහස් කකුල් දෙකේ පොඩි ගැටයක් ගහනවා. සජිත් පිනනවා. පිනාගෙන යනකොට ගිලෙනවා. පරදිනවා ඊට පස්සේ සජිත් මහත්තයාට කියනවා ඔයාට බැහැනේ ඔයා යන්න රනිල් නැවත විපක්ෂනායක වෙනවා. විපක්ෂනායක වුණාම රනිල් නැවත එයාගේ පැලැන්තියට ගැළපෙන කෙනෙකුට ඊළග බැටන් එක දීලා විශ‍්‍රාම යනවා.

දැන් සජිත් මහත්තයාට තියෙනවා බරපතළ තෝරා ගැනිම් දෙකක්. එකක් කොන්දේසි වලට යටත්ව ඉල්ලනවා. නොමිනේෂන් දුන්නාට පස්සේ කොන්දේසි පස්සට දානනවා. ඒ ගියත් ඔහු පරද්දන්න වික‍්‍රමසිංහ මහත්තයාගේ අය ඇතුලේ ඉඳන් වැඩ කරනවා.

දැන් මේ එක්සත් ජාතික පක්ෂයට පල දෙන්නේ දිට්ට ධම්මවේදනීය කර්මය. දැන් යු.ඇන්.පී එකේ ඒකා එකා මරා ගන්නවා. ඒ ඇවිත් ස්වභාව ධර්මයා දෙන ප‍්‍රතික් ක‍්‍රියාව.

දැන් රනිල් බලන්නේ දිනන්න නොවෙයි. සජිත් බලන්නෙත් දිනන්න නොවෙයි. සජිත් ආවොත් බලන්නේ රනිල්ට වඩා එක ජන්දයක් හරි වැඩියෙන් ගන්න. සමහර විට රනිල් ඉල්ලන්නේ නැතිව ඒ වෙනුවට වෙන ඔළුබක්කෙක් දායි. ඉන්නවානේ කරු ජයසුරිය වාගේ දුන්නොත් ගන්න අය. හැබැයි මට හිතෙන්නේ රනිල් බිලි බොයි නොවි වෙන බිලි බොයි කෙනෙක් ඔය තරගයට දානවා. ඒ බිලි බොයි තුන්වැනියා වුණොත් පැරදුණොත් එයා කියයි පැරදුනේ එයානේ මම නොවෙයි මට අවුලක් නැහැනේ කියලා.

තමුන්නාන්සේලා අපි මේ රටේ තීරණාත්මක සංධිස්ථානයක් පාමුල ඉඳගෙන ඉදලා තමයි. අද මේ ශාලාව තුළදි මුණ ගැසෙන්නේ. මේ අවස්ථාවට සහභාගි වෙන්නේ අපේ රටේ තීරණාත්මක කඩ ඉමක් ළඟ ඉන්න රට වැසියන් හැටියටයි. ලබන මස 7 වැනිදා ජනාධිපතිවරණ නාම යෝජනා දීම අවසන් වෙන කොට නෙවැම්බර් 16 වැනිදා මේ රටේ ජනාධිපතිවරණයේ ඡන්දය සලකුණු කරන්නට ඔබ තමුන්වහන්සේලාට අවස්ථාව උදා වෙනකොට එදාට මේ රට ගන්න තීරණයට අනුව ජාතියේ මාතූභූමියේ විපත හෝ එහෙම නැත්නම් සැපත පිළිබඳ ප‍්‍රශ්නය තීරණය වෙනවා. තමුන්වහන්සේලා ඔබ සැම දන්නවා ලංකා සිතියම තියෙන්නේ ලෝක සිතියම ඇතුලේ මිසක් ලෝකය තියෙන්නේ ලංකා සිතියම ඇතුලේ නෙවෙයි” යනුවෙන් ඔහු පැවසීය.