එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන විජයදාස රාජපක්‍ෂ, දුනේෂ් ගන්කන්ද, එස්. බී. නාවින්න, අශෝක ප‍්‍රියන්ත, ආනන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එක්සත්
ජාතික පක්‍ෂය තීරණය කර ඇත.
ඊට අදාළ ලිපි එම මන්ත‍්‍රීවරුන් 05 දෙනා වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවීමට එජාප මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ක‍්‍රියා කර ඇත.

පක්‍ෂ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම, විනය කඩ කිරීම, විරුද්ධ පක්‍ෂ සමග එක්වීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගනිමින් අදාළ මන්ත‍්‍රීවරුන්ව පක්‍ෂයෙන් නෙරපා ඇතැයි එජාප ආරංචිමාර්ග කියා සිටී.

එවැනි ලිපියක් තවමත් තමන් හට නොලැබුන බව පක්ෂයෙන් නෙරපීමට ලක් වූ මන්ත්‍රී වරුන් පස් දෙනා පවසා ඇති බවද වාර්තාවේ.