ඇමෙරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්ත වෛද්‍යවරයෙකුගේ මරණය පසුගිය 3 වනදා වාර්තාවීමෙන් පසුව ඔහුගේ ඥාතීන් එම අවමගුල අවස්ථාවේ නිවසේ අස්පස් කිරීම්
කටයුතු සිදු කරන අතරවාරයේ බිළිඳුන්ගේ මළ සිරුරු කොටස් පොලිතින් උරවල බහාලූ ස්ථානයක් හමුවී තිබේ. මේ ගැන ඇමරිකානු පොලිසියට දන්වා සිදු කළ වැඩිදුර පරීක්ෂාවේදී වෛද්‍යවරයාගේ ඉඩමේ තිබූ බිළිඳු මලසිරුරු කොටස් 2246 ක් සොයා ගෙන තිබේ.
අල්රික් කොෆර්  (Dr Ulrich Klopfer)  නමැති
මෙම වෛද්‍යවරයා ඉන්ඩියානා ප්‍රදේශයේ ගබ්සා කිරීම් සිදු කරන වෛද්‍යවරයෙකු වන අතර ඔහු ඇමරිකානු නීතියට අනුකූල ගබ්සා කිරීම් සිදු කරන්නෙකු ලෙස ලියාපදිංචිව සිටියේය.
කෙසේ වෙතත් 2015 වකවානුවේ ඔහුට එරෙහි චෝදනා මතුවූයේ නියමිත කාල සීමාවන්ද ඉක්මවූ වැඩුණු කළල ගබ්සා කිරීමේ නීති විරෝධී කටයුතු සිදු කරන්නෙකු ලෙසිනි. මේ හේතුවෙන් එරට වෛද්‍ය සභාව අල්රික් කොෆර් වෛද්‍යවරයාගේ ලියාපදිංචිය අවලංගු කර දඩුවම් ලබාදී තිබූ නිසා ඔහු පසුගිය වසර 3 කට වැඩි කාලයේ රජයේ රැකියාවක් කළේ නැත.
ඔහු මෙම කාලය තුළ සිය නිවසේ සිට නීති විරෝධී ගබ්සා කර ඇතිය යන්න මෙම සාක්ෂි වලින් හැඟීයන්නේ යයි පොලිසිය වාර්තා කර තිබේ. කෙසේ වෙතත් ගබ්සා සිදු කළ ස්ථානයක් හෝ ඒවාට යොදාගත් උපකරණ පිළිබඳ සාක්ෂි මෙම නිවසේ තිබී හමුවී නැති අතර එම සාක්ෂි විනාශ කර ඇතිද යන්න ගැන පරීක්ෂණ සිදුවේ.