ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබාගත් සියලුම දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත් හා පක්ෂ සම්මේලනවලට පක්ෂයේ අනුමැතිය නොමැතිව සහභාගි
වන සාමාජිකයන්ට එරෙහිව

විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ පසුගියදා යෝජනාවක් සම්මත වූ බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

මෙම යෝජනාවට අනුව පක්ෂයේ නීතිරීති උල්ලංඝනය කළ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර තිබේන බවද ඔහු පවසා සිටියේය.

මීට අමතරව ඊයේ (29දා) දිනයේදී වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත් බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, විනය ක්‍රියාමාර්ගවලදී වැරදිකරුවන් වන මහජන නියෝජිතයන්ගේ නියෝජිතභාවය අහෝසි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම පිරිසට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාගෙන වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අය පිළිබඳවද ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කියා සිටීයේය.

ඉන්දින හේවාවිතාරණ