අපේ රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන්නේ, විදේශ රැකියාවල නියුතුවූවන්ය. රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන් එතෙක් මෙතෙක් පැවති කිසිදු රජයක් ප‍්‍රමාණවත් කාර්ය භාරයක් ඉටුකර තිබේද යන්න
සැක සහිත ය. විදෙස් ගත ශ‍්‍රමිකයන් වෙනුවෙන්, විවිධ වරප‍්‍රසාද හා දීමනා මීට පෙරද විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් හදුන්වා දී තිබුනද ඒවායේ පවතින්නේ විසිරුණු ස්වභාවයකි.
අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දුගේ සංකල්පයක් අනුව රට යන සැමට එකම වැඩ පිළිවෙලක් යටතේ ආරක්ෂාව, රැකවරණය, ප‍්‍රතිලාභ හා වරප‍්‍රසාද පිරිනමන රන් පියාපත් ක්‍රියාදාමය, 2019 අගෝස්තු මාසයේ 08 වන දා දියත් විය.
රන් පියාපත් වැඩ පිළිවෙල යටතේ විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් රට රැකියාවට යන ශ‍්‍රමිකයන් සඳහා ඇති සියලූ පහසුකම්, වරප‍්‍රසාද හා දීමනා ආදිය එකම පැකේජයක් යටතට ඒකරාශී වන අතර, ඒවා වඩාත් විධිමත්ව, යාවත්කාලීනව, ක‍්‍රමවත් ආකාරයට පෙළගස්වා තිබේ.


රන්පියාපත් යටතේ, පහත දැක්වෙන ප‍්‍රතිලාභ රැකියාවක් කිරීම සඳහා විදෙස් ගත වන සියල්ලන්ටම හිමි වේ.

වෘත්තීය පුහුණුව සහ මඟ පෙන්වීම.
ස්වයං රැකියා අත්වැල.
වෛද්‍ය පහසුකම් සහ අනපේක්ෂිත අවස්ථාවලදී අතිහිත දෙන දේශීය හා විදේශීය රක්ෂණාවරණ.
විශේෂ ණය පහසුකම්
දරුවන්ගේ පාසල් අධ්‍යාපනය සඳහා දිරිග්නැවීම් හා ශිෂ්‍යත්ව ලබා දීම.

රටට වැඩිම විදේශ විනිමයක් උපයා දෙන විදෙස් ගත ශ‍්‍රමිකයන්ගේ ජීවිතය වඩාත් යහපත් කිරීම රන් පියාපත් ක්‍රියාදාමයේ අරමුණයි.