ගල්කිස්ස සිට කළුතර දක්වා මුහුදු වෙරළේ ඇති තෙල් තට්ටුව සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
නෞකාවකින් කාන්දු වූ තෙල් තට්ටුවක් මෙසේ වෙරළ තීරයට පැතිර ඇති බව සඳහන්ය. වාද්දුව පොතුපිටිය පානදුර වෙරළ තීරයන්හිදී මෙය වැඩි වශයෙන් දැකගත හැකිය. එය ඉවත් කිරීමට අවශ්‍ය විධිවිධාන යොදමින් සිටින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසීය.