ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ (5) රාත්‍රී සිදුව තිබේ.
ශ්‍රීලනිප හා ශ්‍රීපොජපෙ එකතුවී
ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීම පිළිබඳව සහ ජනාධිපතිවරණ
අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වී ඇති අතර තීරණයක් නැතිව සාකච්ඡා අවසන්ව ඇති බව දේශපාලන ආරංචි වාර්තා කරයි.
අභාවප්‍රාප්ත එජනිස මන්ත්‍රි සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු පක්ෂයේ ගෞරව ලබාදී සිදු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා වී තිබේ.