ඊයේ (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මෙසේ කියා තිබේ.

“වමේ අදහස් තියන වාසුදේව නානයක්කාරලා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමාලා ප්‍රකාශ කළා ඔවුන් තමන්ගේ
අපේක්ෂකයා තෝරන්නේ පොදුජන පෙරමුණ තුළ
පක්ෂ සාකච්ඡාවෙන් සහ ජේෂ්ඨ මැති ඇමතිවරුන්ගේ සාකච්ඡාවෙන් කියලා. ඒත් එහෙම අහන්නේ නැතුව එක සැරෙන්ම ගෝඨාභය රාජපක්ෂව නම් කරලා තියනවා.

මේක හරියට කසාද බැන්දට පස්සේ පොරොන්දම් බලනවා වගේ වැඩක්. දැන් සුභයිද, අසුභයිද කියලා බලන්නේ බැන්දටත් පස්සේ. මේ රට්ටු හිනස්සන වැඩපිළිවෙළක් තමයි පොදුජන පෙරමුණ ගොඩ නගලා තියෙන්නේ.

ගමේ කතාවක් තියනවා නංගි පෙන්නලා අක්කා දෙනවා වගේ කියලා. මම හිතන්නේ මහින්ද රාජපක්ෂගේ යම් අදහසක් තියනවා කියලා අපිට සැකයක් තියනවා මල්ලි පෙන්නලා නෝනා දෙයි කියලා."