ලොව එතෙක් මෙතක් වාසය කළ බරින් වැඩිම ගිරවාගේ බවට විශ්වාස කළ හැකි පක්ෂියෙකුගේ පොසිල කොටස් නවසීලන්තයේදී හමුවී ඇතැයි වාර්තා වෙයි. අද වනවිට මිහිමතින් වඳවී  ගිය පක්ෂියෙකු ලෙස Heracles inexpectatus යන විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙයි.
ගිරා විශේෂය අඩි 3.3ක පමණ දිගකින් යුක්ත වූ බවත් ඔවුන්ගේ බර කිලෝග්‍රෑම් 7ක් පමණ වූ බවත්
මෙය සොයා ගැනීම පිළිබදව පර්යේෂණ සිදුකළ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසති. මෙම පක්ෂින්ට පියෑඹිය නොහැකි බවට සඳහන් වුවත් තමන්ගේ විශ්වාසය අනුව ඔවුන් පියාඹන්නට ඇති බවත් ඹවුන් සඳහන් කරයි.

නවසීලන්තයේ මධ්‍යම ඔටෙගෝ පළාතේ තිබී 2008 වසරේදී මෙම පොසීලය හමුවී තිබේ. දැනට සිදුකර ඇති කාල නිර්ණයට අනුව එය අදින් වසර මිලියන 19ක් පැරණි බවට හඳුනාගෙන ඇත. මෙම ප්‍රදේශය එම කාලයේදී උපනිවර්තන දේශගුණයක් පැවැති කලාපයක් බව පර්යේෂකයෙක් පවසති.

මෙම පොසිලයට අමතරව, තවත් විවිධ විශේෂයන්ට අයත් කුරුල්ලන්ගේ පොසිල මෙන්ම කිඹුලන්, ඉබ්බන්, වවුලන් ඇතුළු තවත්  සතුන් කිහිප දෙනෙකුගේම පොසිල  මෙහි තිබි හමුව ඇත.