ළු ඇමරිකානු රැප් ගායක A$AP Rocky පසුගියදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර හිප්හොප් සංගීත සැණකෙළිය සඳහා සංචාරය කර සිටි අතරතුර වීදියේ ගමන් කළ තරුණයින් තිදෙනෙකු සමග
ඇති කරගත් බහින්බස්වීමක්

දුරදිගගොස් පහරදීමේ ගැටුමකට මැදිව ඇති අතර එම සිදුවීම නිසා මේ වනවිට ස්වීඩනයේ පොලිස් අත්අඩංගුවේ සිරගතව පසුවේ.
මෙම සිද්ධිය ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සැලවීමෙන් පසු ඔහු ස්විඩන අගමැතිගෙන් ඉල්ලීමක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුනේ ඉක්මණින් විසඳා සිරෙන් නිදහස් කරදෙන ලෙස දන්වමිනි.
.
මෙකී ට්විටර් පණිවිඩයට උපහාසාත්මක පිළිතුරක් සපයා ඇති ඇමරිකාවේ තවත් ජනප්‍රිය  ගායකයකු වන ජස්ටින් බීබර් තමාට තම මිතුරා සිරෙන් නිදහස් කරගන්නට අවශ්‍ය බව දන්වා සිටින අතරම ට්‍රම්ප්ගෙන් ඉල්ලා ඇත්තේ ඇමරිකාවේ කූඩු කර සිටින දරුවන් නිදහස් කරන්නටත් පියවර ගන්නා ලෙසයි