මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම ඊයේ පැවැත්වූයේ ගොවි විරෝධතාවක් මධ්‍යයේයි.

සේනා දළඹු උවදුරෙන් සිදු වූ වගා හානි
සඳහා වන්දි ලබාදීම ඇතුළු ලැබිය යුතු සහන කිසිවක් ලැබී නැතැයි පවසමින් ගොවීන් ෙමොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිවිසුම අවහිර කර තිබුණි.
කමිටු රැස්වීම අවසානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමේධා ජී.ජයසේන මහත්මිය විරෝධතාකරුවන් රැඳී සිටි ස්ථානට පැමිණි අවස්ථාවේ හූ කියා තිබුණි.