ඊයේ ලෝක කුසලාන ක්‍රිකට් මුල් වටය වෙනුවෙන් පැවති අවසන් තරගය
ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවතිණි.
මෙවර දුර්වල කණ්ඩායමක් ලෙස හඳුන්වා තිබූ දකුණු අප්‍රිකානු පිලට ප්‍රබල ඕස්ට්‍රෙලියාව ඊයේ ලකුණු 10 කින් පරාජයට පත්වීම විශේෂිතය.
මෙම පරාජය නිසා ලකුණු සටහනේ අංක 1 ස්ථානයට ඉන්දියාව පත්වූ අතර එම නිසා 2 වන තැන දිනූ ඕස්ට්‍රෙලියාවට අර්ධ අවසන් වටයේදී තරග වදින්නට සිදුවන්නේ 3 වන තැන දිනූ එංගලන්තය සමගිනි.
1 හා 4 ස්ථාන ලැබූ ඉන්දියාව හා නවසීලන්තය අර්ධ අවසන් වටයේදී යළි හමුවනු ඇත.