Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisements

Trending

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට ගෙන්වාගන්න


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පසුගිය 05 දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාවේදී  කරන ලද ප්‍රකාශයන් සම්බන්ධයෙන්
අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එය මෙසේය.

 ශ්‍රී ලංකා නීති සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා 2019.07.05 දින ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත කරුණු දක්වමින් අධිකරණ අමාත්‍යවරිය වශයෙන්
මා ඇමරිකානු නීතිඥ සංගමයේ ශාඛාවක් හෝ එයට අනුබද්ධ වෙනත් කිසිදු ආයතනයක් මෙරට පිහිටුවීමට මාගේ විරෝධතාවයක් නොමැති බවට කරන ලද ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරමි. එකී ප්‍රකාශය සම්පූර්ණයෙන් ම අසත්‍යවේ.

විෂයභාර අමාත්‍යවරිය වශයෙන් මා එවැනි කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා අනුමැතියක් ලබා දී නොමැත. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා මෙම කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ගරු ජනාධිපතිවරයා ගරු අග්‍රාමාත්‍යවරයා විෂයභාර අමාත්‍යවරිය වශයෙන් මාගෙන් කිසිදු විමසීමකින් තොරව මෙරට විපක්ෂ නායකවරයා වෙත අසත්‍ය කරුණු දැක්වීමෙන් පෙනී යන්නේ ඒ මහතාගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දීර්ඝ කාලයක සිට පැවතගෙන එන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කීර්ති නාමයට හානිකර ඇති බවයි.

නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කිසිදු විමසීමකින් තොරව මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීම තුලින් සමස්ථ නීතීඥ සංගමයම හෑල්ලුවට භාජනය කර තිබෙන බව කණගාටුවෙන්  වුවද ප්‍රකාශ කළ යුතුව ඇත. තවද කිසිදු විමසීමකින් තොරව සිදු කරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ තුලින් පොදු ජනතාව මුලා වන බව ද, එකී කරුණු අසත්‍ය බව හෙලිවීමෙන් නීතීඥ සංගමය කෙරෙහි පොදු ජනතාව තුල දීර්ඝ කාලයක සිට පැවති විශ්වාසවන්තභාවයට හානි වන බවද වැඩි දුරටත් පවසා සිටිමි.

මෙරට ජීවත් වන ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස අප මාතෘ භූමියට හානි විය හැකි හෝ යම් බලපෑමක් කළ හැකි හෝ කිසිදු කටයුත්තකට ගරු ජනාධිපතිතුමාද  ගරු අගමැතිතුමාද මාද ඇතුළු අපගේ රජය කටයුතු නොකරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිමි.

තලතා අතුකෝරළ
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය






----------------
නවතම පුවත් සමග එසැණින් යාවෙන්න
- ගොසිප් ලංකා ෆේස් බුක්පිටුව - මෙතැනින්
- ගොසිප් ලංකා යූටියුබ් නාලිකාව - මෙතැනින්
- ගොසිප් ලංකා ට්විටර් පිටුව - මෙතැනින්







Gossip Lanka Previous News

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna

Gossip Lanka Side News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats

Like Us on Facebook

Follow Us on Youtube & Twitter