ඊයේ ලෝක කුසලාන අර්ධ අවසන් තරගයකින් ඉන්දියාව
පරදා නවසීලන්තය ජයගැනීම නිසා ඉන්දීය ක්‍රිකට් රසිකයින් මහත් කම්පාවට පත් විය.
ඉන්දීය අගමැති මෝදි මේ ගැන අස්වසාලමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඔහු පවසන්නේ ඉන්දියාව ඊයේ පරාජය වුවත් ඒ දක්වා ආ ගමන හා දැක්වූ දක්ෂතා අගය කළ යුතු බවයි.
තරගාවලිය පුරා තුන් ඉරියව්වෙන්ම ඉන්දියාව ඉදිරියෙන් සිටි බවත් මේ ගැන ආඩම්බර වන බවත් ජය පරාජය කාහටත් උරුම සංසිද්ධියක් බව තේරුම් ගත යුතු බවත් ඉදිරියේ තවත් ජයග්‍රහණ සඳහා ගමන් කළ යුතු බවත් දන්වා ඇත.