හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපබෝගී වායුසමීකරණය කරන ලද පෞද්ගලික බස් රථයක් ඊයේ (16) පොහොය දින සවස මීගොඩ පොලිස් ස්ථානය ආසන්නයේදී හදිසියේ ඇති වූ ගින්නක් නිසාවෙන්
සම්පූර්ණයෙන් දැවී විනාශ වූ බව මීගොඩ පොලිසිය පවසනවා.


මාර්ග අංක 120 හොරණ – කොළඹ මගී ප‍්‍රවාහන බස් රථයක් වන මෙම බස් රථය අළුත්වැඩියා කටයුත්තක් සඳහා රැගෙන යන අතරතුර බස් රථයේ පිටුපස ප‍්‍රදේශයෙන් එක්වරම ඇති වූ ගින්නක් නිසාවෙන් සුළු කාළයක් බස් රථය සම්පූර්නයෙන් ගිනි ගෙන විනාශ වූ බව ප‍්‍රදේශවාසීහු පැවසුවා.

බස් රථය ගිනි ගන්නා ආකාරය අසළ මීගොඩ පොලිස් ස්ථානයේ සිටි පොලිස් නිලධාරින් දැක එම ස්ථානයට දිවවිත් ප‍්‍රදේශවාසීන් හා එක්ව ගින්න නිවීමට කටයුතු කල ද ඒ වන විටත් බස් රථය සම්පූර්ණයෙන් විනාශ වී තිබූ බව පොලිසිය පවසනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.





ඡායාරූප - Accident 1st,Samith Photograph & Nishan Indika