මේ දිනවල යුරෝපය දිගින් දිගටම පවතින අධික වියළි කාලගුණය හේතුවෙන්  හිස් ආවරණයක් සහ සෙරෙප්පු හැර වෙනත් කිසිවක් ඇඳගෙන නොමැතිව ස්කූටරයක් ​​පදවාගෙන ගිය මිනිසෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට සිදුවිය.
නිරුවත් පුද්ගලයා පවසා ඇත්තේ
තමාට ඇඳුම් ඇඳීම නිසා රස්නය ඉවසන්නට බැරි නිසා
මේ ආකාරයට ගමන් කරන බවත් සුළං ඇඟට වැටීමෙන් කිසියම් සිසිලසක් දැනුණ බවයි. කෙසේ වෙතත් නිරුවතින් පාරේ ගමන් කිරීම එරට නීති අනුව දඩුවම් හිමිවන වරදකි.

ඊසානදිග ජර්මනියේ බ්‍රැන්ඩන්බර්ග් ලෑන්ඩර්හිදී මෙම සිදුවීම වාර්තා විය. පොලිසිය පවසන්නේ රස්නයෙන් මිදීමට ඇතැමුන් වේගයෙන් මෝටර් සයිකල් ධාවනය කිරීම් පවා වාර්තා වන බවයි.

1947 න් පසු ජර්මනියේ වාර්තාවූ වැඩිම උෂ්ණත්වය වූ සෙල්සියස් අංශක 38.6 පසුගිය සතියේ වාර්තා විය.
 ඉදිරි දින කිහිපය තුළ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ. ජර්මනියේ නැගෙනහිර සැක්සොනි-අන්හාල්ට් ප‍්‍රාන්තයේ ප‍්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ වැඩිදුර දැනුම් දෙන තුරු කෙටි මාර්ග කිහිපයක වේග සීමා පැයට සැතපුම් 62 ක් හෝ පැයට සැතපුම් 75 ක වේග සීමාවක් පැනවූ බවයි.

සාමාන්‍යයෙන් එම මාර්ග වල වේග සීමාවක් නැත, නමුත් නිලධාරීන් බිය වන්නේ රස්නයෙන් මිදීමට රියදුරන් වේගයෙන් යාම නිසා අනතුරක් විය හැකි බවයි.