දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රදේශයේදී කටුපොල් අපද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් පෙරළී  යෑමෙන් මාතර සිට කොළඹ දෙසට මාර්ගය පැයක
පමණ කාලයක් වසා දැමීමට සිදුවූ බව
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලීසිය පවසයි. බවුසරයේ පිටුපස ටයරයක් පුපුරා යාමෙන් මාර්ගය හරහා පෙරළීමෙම අනතුර සිදුව තිබූබව පොලිසිය කියයි.

කටුපොල් අපද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම සඳහා අනතුරට පත් බවුසරය ඊයේ සවස මාතර දෙස සිට කොළඹ දෙසට දක්ෂිණ අධිවේගී මාර්ගයේ යමින් සිටියදී අනතුර සිදුව ඇති බව කියයි. අනතුරින් බවුසරයේ රියැදුරුට හා සහායකට අනතුරු සිදුවී නැත. අනතුරින් පැයකට පමණ පසුව මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කොට වාහන ධාවනයට පියවර ගත් බව පොලිසිය පැවැසීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලීසිය සිද්ධිය පීළබද වැඩිදුර පරීක්ෂණ පවතියි.

-හෂාන් පුෂ්පික