2019 ක්‍රිකට් ලෝක කුසලානය යටතේ
ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගය අද
ඉන්දියාව සමග ලීඩ්ස්හිදී පැවති අතර එහිදී ශ්‍රී ලංකා පිල කඩුළු 7 ක පරාජයක් අත්කරගත්තා.
මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ අසාර්ථක වුවද මැද පෙළ අද වෙනදාට වඩා සාර්ථකත්වයක් පෙන්වීය. මැතිව්ස් 113 හා තිරිමාන්න 53 ක් ලැබූ අතර ඕවර 50අවසන් වනවිට කඩුලු 7 කට 264 ක් ලබා තිබුණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව සාර්ථක ආරම්භයක් ලබාගත් අතර මෙවර ලෝක කුසලානයේ හොඳම සබඳතාව වාර්තා කරමින් ලකුණු 189 දක්වා කඩුළු නොවැටී ලකුණු ලබාගන්නට ෂර්මා හා රහුල් සමත් විය. ෂර්මා 103 ක්ද රහුල් 111 ක්ද ලබාගත් අතර තරගය පහසුවෙන් නිමා කරමින් ඔවුන් කඩුළු 3 ක් පමණක් දැවී ලංකාවේ ලකුණු ගණන පසුකර යන ලදි.
මෙම තරගයෙන් පසු ශ්‍රී ලංකාව නැවත මව්රටට පැමිණෙනු ඇත.