එංගලන්තයේ ට්‍රෙන්ට් බ්‍රිජ්හි පැවති ලෝක කුසලාන ක්‍රිකට් පළමු වටයේ තරගයකදී බංගලිදේශය පරදා ඕස්ට්‍රෙලියාවට ලකුණු 48 ක ජයක් හිමි විය.

මුලින් පන්දුවට පහරදී  ඕස්ට්‍රෙලියාව ලකුණු 381 ක් කඩුළු 5 කට ලබාගෙන තිබුණ අතර පිළිතුරු ඉනිමේදී බගල්දේශය තියුණු සටනක් ලබාදී ඉලක්කය කරා හඹාගිය නමුදු මහමුදුල්ලා හා මුස්ෆිකර් රහීම් අතර සම්බන්ධය බිඳීයාම නිසා කඩුළු වැටී ඉලක්කය කරා ගිය වේගවත් ගමන අඩාල විය. 333 කට 8 ක් දැවී බංගලිදේශයට පරාජය උරුම විය.
තරගයේදී ඩේවිඩ් වෝනර් 166 ක් ලබාගැනීම කැපී පෙනිනී. ඔහු තරගයේ වීරයාද විය.මුස්ෆිකර් රහීම් 102 ක් ලබාගත්තේය.