හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ විස්තර විචාරකයෙකු
ලෙස නම්කර තිබෙනවා.ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම විස්තර විචාරකයා ලෙස  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ඔහු නම්කර ඇත.
සෙසු විස්තර විචාරකයන් වන්නේ නසාර් හුසේන්, ඉයන් බිසොෆ් , සව්රව් ගන්ගුලි, මයිකල් ඇතර්ටන් , ඇලිසන් මිචෙල්, බ්‍රෙන්ඩන් මැකලම්, ග‍්‍රැහැම් ස්මිත්, වසිම් අක‍්‍රම්, ෂෝන් පොලොක් ඇතුළු 22 දෙනෙකි.