පාස්කු ඉරිදා ප‍්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් කාශ්මීරයේ, බැංගලෝරයේ හා කේරළයේ සංචාරය කර ඇති බව හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප‍්‍රකාශ කරයි.




යම් ආයුධ පුහුණුවක් ලබා ගැනීම වෙනුවෙන් මොවුන් ඉන්දියාවේ සංචාරය කර ඇති බව හෙළිවී ඇතැයි හමුදාපතිවරයා බීබීසිය සමග ප‍්‍රකාශ කර තිබේ. එමෙන්ම සිය සබඳතා ජාලය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් මෙලෙස ඉන්දියාවේ සංචාරය කර ඇතැයි හමුදාපතිවරයා පවසයි. පාස්කු ඉරිදා (21 දා) කාන්තාවක ඇතුළු මරාගෙන මැරෙන ත‍්‍රස්තයන් 9 දෙනකු එල්ල කළ ප‍්‍රහාරවලින් පුද්ගලයන් 253 ක් මරණයට පත්වී 500 කට අධික පිරිසක් තුවාල ලැබූහ. ඕනෑවට වඩා නිදහස බුක්ති විඳීමත්, ආරක්‍ෂාව ගැන නිසි තැකීමක් නොකාරීමත් වසර 30 ක් පුරා යුද්ධයක් පැවැති බව අමතක කිරීම මේ ප‍්‍රහාරයට හේතුවූ බව හමුදාපතිවරයා කියයි.

චතුර පමුණුව