පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අද (15) මිනුවන්ගොඩ පොලිසියට කට
උත්තරයක්
ලබාදීමට පැමිණියේය.
පසුගිය 13 වැනි දා මිනුවන්ගොඩ සිදුවූ කලහකාරී සිද්ධි වලට ඔහු සම්බන්ධ බවට මාධ්‍ය ඔස්සේ තොරතුරු පළවීතිබුණ අතර ඊට සම්බනධ අය දැක්වෙන වීඩියෝවකද ඔහු සිටියේය.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු පොලිසියට පැමිණ ඇත.
මේ ගැන ඔහු ඊයේ මාධ්‍ය අමතා කියා සිටියේ ඔහු මිනුවන්ගොඩ ආසන්නයෙන් ගමන් කරද්දී ඇතිවූ මාර්ග තදබදය සෝදිසි කිරීමට වාහනයෙන් එළියට  ආ අවස්ථාවේ යම් අයෙකු ලබාගත් වීඩියෝවක් වැරදි අරුතින් පළවූ බවකි.