පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ගැටුම අවස්තාවේ මධුමාධව අරවින්ද එහි සිටි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔහු ඊයේ මාධ්‍ය අමතා මෙසේ කියා තිබේ.

'ගම්පහ දිස්ත‍්‍රික්කයේ මිනුවන්ගොඩ
පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ. අපි ඊයේ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක්ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා. එවිට එතුමා මට කියනවා ”සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.” ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා.

එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප‍්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ. ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප‍්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා. ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා.

වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවැන්නක් නොමැති බව. සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ. ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. '