මිනුවන්ගොඩ කලබලයට හේතුවූ බවට කරුනු පෙන්වා මධුමාධව අරවින්ද නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට උත්සාහයක් පවතින බව පවසමින් මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කර ඒ හරහා
ඔහු නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ ආඥාවක් තබා ගැනීමට පිවිතුරු හෙළ උරුමය කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ප‍්‍රකාශ කලේය.
පොලිසිය කි‍්‍රයාකරමින් සිටින ආකාරය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බැවින් මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු පැමිණිල්ල මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් දිසානායක මහතා කීය.

මිනුවන්ගොඩ සිදුවු ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ ප‍්‍රශ්න කිරීම්වලට කැඳවනු ලැබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පොලිසිය මඟහරමින් සිටින බවට  වාර්තා කර තිබුණ නමුත් ඔහු පොලිසියට ගියේ යැයි ද හෙතෙම සඳහන් කළේය.