සමාජ .මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.


හලාවත ඇති වූ අවාසනාවන්ත තත්ත්වය

සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු සියලු දෙනා දුක, කනගාටුව සහ ශෝකය බෙදාගැනීම අත්‍යවශයෙන්ම කළ යුතු බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

බොහෝ දෙනා මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් සහ තරහෙන් බලන මොහොතක මුස්ලිම් ප්‍රජාව වෙනදාටත් වඩා තමන් කරන කියන දෑ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව ද එම සංවිධානය සිය නිවේදනයෙන් මගින් ඉල්ලා සිටී.

හලාවත ඇති අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ ක්‍රියාව හෙළා දකින බවත් රටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට තිබෙන්නේ සාමය සහ ඉවසීම බවත් එය දුෂ්කර වුවත් තිබෙන එකම මාර්ගය එය බවත් එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.