ජනප්‍රිය හොලිවුඩ් නළු, අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වාසෙනෙගර්ට දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ක්‍රීඩා ඉසව්වකට සහභාගී වී සිටියදී පුද්ගලයෙකු පාපහරක් එල්ල කර තිබේ.

ඔහු දකුණු අප්‍රිකාවට ගොස් තිබුනේ ක්ලැසික් සවුත් ඇෆ්‍රිකා නමැති ක්‍රීඩා ඉසව්වට එක්වීමටයි.

ඒ අතරවාරයේ ඔහුට රසික පිරිසක් හමුවී ඔවුන් සමග කථාබහ කරමින් සිටන අතරතුර පිටුපසින් වේගයෙන් පැමිණි පුද්ගලයෙකු සිතාමතාම drop-kick පහරක් ඔහුට එල්ල කර තිබුනි. එම පහර එල්ල කරද්දි ඔහු අප්‍රිකානු බසකින් යමක් හඩනගා කියනුද ඇසේ.

ලෝකයේ සුපිරි කායවර්ධන ශිල්පියෙකු මෙන්ම
සිනමාවේ දැවැන්ත පුද්ගලයින්ගේ චරිත රඟපෑ පුද්ගලයෙකු වන ආනොල්ඩ්ට මෙම පහර පිටට වැදෙන නමුත් ඔහු බිම වැටෙන්නේ නැත. ඔහු විමතියෙන් කුමක් සිදුවූයේදැයි හැරී බැලූ අතර ආරක්ෂකයින් පහරදුන් පුද්ගලයාව අල්ලගෙන පොලිසියට භාරදී තිබුණි.

එම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති නමුත් එම පුද්ගලයා කිසියම් මානසික ආබාධයකින් පෙළෙන්නෙකු ලෙස හඳුනාගෙන ඇත.
ආනොල්ඩ් මේ සම්බන්ධව සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ එම පුද්ගලයාට අනුකම්පා කරන බවත් කිසිදු ක්‍රියාමාර්ගයකට නොයන බවත්ය.
එම පහරදීමේ වීඩියෝ දර්ශන පහතින්