ඔබේ Visa, Master කාඩ්පත් මඟින් අන්තර්ජාල ගෙවීම් කිරීම සෘජුව සිදු කිරීම අවදානම් බව කවුරුත් දන්නා කරුණකි.කාඩ්පත් අංකවල රහස්‍යභාවය සම්බන්ධයෙන් වගකියන PayMaster App එක එයට විකල්පයක් ලෙස හඳුන්වාදි ඇත.
නවීනතම තාක්ෂණය  හා මුසුව තිබෙන මෙමගින් කිසිදු Credit හෝ Debit කාඩ්පතක දත්ත ගබඩාකර
නොගන්නා මෙය බලගැන්වෙන්නේ  MasterCard හා Commercial බැංකුවෙනි.
ඔබේ ජංගම දුරකථනයට මෙන්ම මිතුර මිතුරියන්ගේ දුරකථනවලට Reload කිරීමේ පහසුව PayMaster APP එක මඟින් ඔබට ලැබෙන අතර ඕනෑම Network එකක දුරකථන අංකයකට මේ තුළින් Reload කිරීමේ පහසුව ලබාදී තිබේ.
සාම්ප්‍රදායික බිල් පත් ගෙවීම් ක්‍රමයෙන් ඔබ්බට ගිය, මේ PayMaster App එකේ ඇති ආකර්ෂණීය බව වගේම පාරිභෝගිකයන්ට හිමිවන සුවිශේෂී ප්‍රතිලාභයන්ද නිසා පාරිභෝගිකයන් වැඩි වශයෙන් මෙය භාවිත කිරීමට යොමුවීමේ ප්‍රවණතාවක් මේ වන විටත් ඇතිව තිබේ. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මෙම APP එක තුල කිසිදු සැඟවුණු ගාස්තුවක් නොමැතිවීමත් ඉහළ විනිවිද භාවයකින් යුතුව මෙය නිර්මාණය කර තිබීමත්ය.

PayMaster APP එක මඟින් Reload හා බිල් ගෙවීම් සිදුකරන අවස්ථාවල ඔබට Free Points දිනා ගැනීමේ අවස්ථාව හිමිවන අතර එම Point තුලින් ඔබට නැවතත් එය මුදල් බවට හරවා Reload කරගැනීමේ හෝ බිල්පත් ගෙවීමේ අවස්ථාව හිමිවේ. එමෙන්ම හඳුන්වාදෙන Daily Rewards තුළින් ඔබට තවත් වාසි රැසක් ලබාගැනීමේ අවස්ථාවද හිමිවේ.

එමෙන්ම ඔබගේ මිතුරෙකු APP එකට Invite කරන විටද ඔබට Points හිමිවන අතරම ඔවුන් APP එක හරහා කරන ගණුදෙනු සඳහාද ඔබට Points හිමිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ Mobile APP අතර පෙරළිකාර වෙනසක් සිදුකරන්නට.  PayMaster Solutions (Pvt) Ltd විසින් මෙය ඔබ වෙත රැගෙන එයි.

ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක මෙම APP එක ප්‍රධාන වශයෙන්ම පාරිභෝගික පහසුව ඉලක්ක කරගෙන නිර්මාණය කර තිබෙයි.