අං දෙකක් ලෙසින් වැඩුණු අපූරු පොල් ගෙඩියක් තම වත්තේ පොල් ගසකින් වැටි තිබු බව හලාවත ව්‍යාපාරිකයෙකු වන එස්. සත්‍යවේල් මහතා පවසයි.

මුන්දලම මංගලඑළියේ
පිහිටි මෙම වත්තේ ගසක  මෙම පොල් ගෙඩිය තිබි ඇත. ප්‍රධාන ගෙඩියට අමතරව තවත් කුඩා ගෙඩි දෙකක් ඊට බද්ධව හට ගෙන ඇතත් ඉන් ගෙඩි දෙකක් නිසි ලෙසින් වැඩි නොමැති බවත් දැක ගත හැකිවේ.

ස්වභාවධර්මයේ අපුරු නිර්මාණයක් ලෙසින් බිහිවී ඇති මෙම අපූරු පොල් ගෙඩිය ආරක්ෂිතව තබා ඇති බවත් ඒ මහතා පැවසීය.

-සුපුන් හංසන-