ජනපති මෛත්‍රී දිගින් දිගටම කරන විරුද්ධකම් හමුවේ එජාපය නිහඩ විය යුතු නැති බවත් අයවැය විවාදය
අතරතුර ජනපති වැය ශීර්ෂය පරාජය කරන බවත්
පසුගිය දිනවල එජාපයේ පසුපෙල මන්ත්‍රීවරුන් අතර කථාබහක් ඇතිවූ අතර ඒ ගැන මාධ්‍ය වාර්තාද පළ විය.
කෙසේ වෙතත් දැන් එම අදහස අතහැර ඇති බව වාර්තාවෙයි.
ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී රාජ්‍ය ඇමති ජේ සී අලවතුවල මහතාගෙන් මාධ්‍යවේදියෙකු මේ ගැන විමසූ විට ඔහු කියා සිටියේ,
'එවැන්නක් ප්‍රායෝගිකව කරන්න බෑ. මොකද අගමැති ජනාදිපති කතානායක මේ සියල්ලන්ගේ වැය ශීර්ෂ එක ඒකකයක් හැටියටයි පාර්ලිමේන්තුවේදී පාස් වෙන්නේ. ජනපති වැය ශීර්ෂය විතරක් වෙනම පාස් කරන් නෑ. ඒ නිසා එවැනි පරාජය කිරීමක් සිදුවන එකක් නෑ' යනුවෙනි.