අද දින මහනුවරදී පැවැත්වෙන  ආණ්ඩු විරෝධී ජන රැලිය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පැවැති මාධ්‍ය හමුවකදී  පාර්ලිමේන්තු මන්ත්‍රි
එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

වර්තමාන ආණ්ඩුවට එරෙහිව කෙරෙන “ඉවසුවා  ඇති” ආණ්ඩු විරෝධී ජන රැලියට එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය සහභාගි වන බවත් මෙම සටන්  පෙරමුණට නායකත්වය ලබාදීම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන,

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්වරුන් ළඟදීම එකම වේදිකාවකට එක්වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැඟෙන නව සන්ධානය සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා මේ වන විට සාර්ථකව සිදුවෙමින් පවතින බවද එස්.බී. දිසානායක මහතා සඳහන් කළේය.

 ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලුම මැතිවරණවලට තරග කිරීමට අපේක්ෂා කරන්නේ ගොඩනැඟෙන නව සන්ධානය යටතේ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු