අවස්ථාවක් ලැබුණොත් දේශපාලන වේදිකාවට පිවිසීමට තමන් සුදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨානය රාජපක්ෂ මහතා පෙරේදා (04) කොළඹ දී පැවසීය.

යුද්ධය අවසන් කරමින් රටට දැනෙන වෙනසක් සිදුකළ තමන් රටේම ජනතාව ඉල්ලන වෙනස ඉදිරියේදී ලබාදෙන ඛව ද රාජපක්ෂ මහතා කීය.

මෙතෙක් දේශපාලන වේදිකාවට පිවිස නැති තමන් එළිය සහ වියත්මග වැඩසටහන් හරහා රටේ පොදු ප්‍රශ්න පිළිබඳව සංවාදයට භාජනය කරන බව ද
හෙතෙම පැවසීය.

එළඹෙන මැතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබන 9 වැනිදා මහනුවරදී පැවැත්වීමට නියමිත මහජන රැලිය සඳහා තමන්ට ආරාධනා ලැබී නොමැති බව ද රාජපක්‍ෂ මහතා කීවේය.

වසර 04ක් පුරාවට මෙරට ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට නොහැකි වූ මේ ආණ්ඩුව එක අයවැයකින් රවේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙතැයි ජනතාවට බලාපොරොත්තු තබාගත නොහැකි බව ද ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය.

මෙරට ආර්ථික වෙනසක් ඇති කරවීමට පිටරට විශේෂඥයන් පෙන්වීමට අවශ්‍ය නොමැති බව කී ගෝඨාභය රාඡපක්‍ෂ මෙරට ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපේ රටේ ආර්ථික විශේෂඥයන් ඕනෑ තරම් සිටින බව ද පැවසීය.

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි මහතා විසින් රචිත කෘතීන් තුනක් දොරට වැඩීම වෙනුවෙන් කොළඹ නව නගර ශාලාවේ පෙරේදා (04) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෝඨාභය රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.

-හසිත රංග ගුණතිලක-