ලෝකෙ හරි පුදුමාකරයි. මිනිස්සු සත්තු ගස් වැල් අතරෙ ගෙවන ජීවිත රෝදයක් මේ. අද වෙද්දි හොද සහ නරක කියන මිනිස්සු ඉන්නව වගේම තවත් පිරිසක් ඉන්නව. ඒ තමයි ගැහැණුත් නොවන පිරිමිත් නොවන පිරිස. හෝමෝන බලපෑම් වලින් හෝ වෙන මොන යම් හෝ හේතු නිසා අද වෙනකොට එ වගේ
මිනිස්සු ගොඩක් අද මේ ලෝකෙ ඉන්නවා. ඒ වගේම ඒ අයට අපි එක එක නම් කියලත් කතා කරනවා. ඉතිං භාග්‍යා කියන්නේ ගොඩක් දෙනා දන්න කියන කෙනෙක්. ගොඩක් අය භාග්‍ය වගේ අයට කියන සමාජගත වූ වචනය තමා සමනළයා. භාග්‍ය කියන්නෙ මනුස්සයෙක්. නිකන් මනුස්සයෙක් නෙවේ අපි වගේම ලේ මස් ඇට නහර වලින් පිරිපුන් බොහොම ලස්සන මනුස්සයෙක්. භාග්‍ය ට අමතරව මේ රටේ අපි දන්න ඕනතරම් සංක්‍රාන්ති ලිංගිකයන් ඉන්නව. අපි නොදැකපු භාග්‍ය ලා තවත් ඉන්නවා ඕනතරම්. හැබැයි සමාජගත වෙච්ච භාග්‍ය ලා ඉන්නෙ ටිකයි. භාග්‍යා කියන්නේ පෙනුමෙන් හරිම කඩවසම් කෙනෙක් .


Male Model කෙනෙක්ට ගැලපෙන සිරුරක් තියෙන භාග්‍ය ට හරි ආකර්ශනීය කටහඬක් තියෙනව. හැබැයි භාග්‍යගෙ ගමන බිමන, හැසිරීම කෙල්ලෙක් වගේ. භාග්‍යා වගේ අය මේ සමාජයයෙන් ගොඩක් පීඩනවලට ලක් වෙනවා. සංක්‍රාන්ති ලිංගිකත්වය එහෙමත් නැත්නම් පිරිමියෙක් විදියට ඉපදිලා ගෑණියෙක් විදියට ජීවත් වීම අසනීපයක් නෙවේ. ඔවුන්ටත් අපිට වගේම මේ පොළොවේ පය ගහලා ජිවත් වීමේ අයිතිය තියෙනවා.


ඉතිං භාග්‍යා කියන්නේ බොහොම ලස්සන ශරීරයක් වගේම ඊටත් වඩා ලස්සන හිනාවක් ඕන වෙලාවක මූනෙ තියෙන කෙනෙක්. හෝමෝන වෙනස ආදායම් මාර්ගයක් කරගන්නෙ නැතුව බොහොම නම්බුකාර විදියට හෝටලයක රස්සාවක් කරගෙන ඉන්න කෙනෙක්. ඉතිං භාග්‍යා මේ ගැන අපි නොදන්න ගොඩක් දේවල් භාග්‍යා වැඩසටහනකට ඇවිත් කියලා තිබුවේ මෙන්න මේ විදියටයි. මම ප්‍රධාන වශයෙන් hotel filed එකේ තමයි වැඩ කරන්නේ. ඒක කමයි මගේ main job එක. ඇත්තටම මගේ යම් කිසි විශේෂත්වයක් මිනිස්සු දකිනවා ඇති. ඉතිං ඒ හින්දම මාව මේ සමාජය තුලින් ප්‍රසිද්ධියට පත් කරා.නමුත් ඒ කරපු ප්‍රසිද්ධිය තුලින් අද වෙනකොට මට ගොඩක් වැඩ ලැබිලා තියෙනවා. සමහර පිරිමි කියනවා මම පිරිමියෙකුත් නෙවෙයි


ගැහැණියෙකුත් නෙමෙයි කියලා නමුත් ඉතිං මට කියන්න තියෙන්නේ ඒ කියන තරමට ඒ පිරිමි කවුරුත් මගේ ලිංගික අවයව දැකලා නෑ. මමත් සමාන්‍ය මනුස්සයෙක්.හැබැයි සමාජයේ ගොඩක් රැවුල වාවාගෙන පිරිමිකම පෙන්නන්න යන අය ඉන්නවා. හැබැයි මගේ අත්දැකිමේන් මම දන්න විදියට ඒ මිනිසුසුන්ට තමයි කියන්න ඔනේ ගැහැණුන්ටත් නැති පිරිමින්ටත් නැති අය කියලා. මම කවුරුත්ම අනුකරණය කරන්න යන්නේ නෑ කවදාවත්. මේක තමයි මගේ style එක. මම dancing කරලා තමයි මෙතන්ට ආවේ. මම ඉස්සර ඉඳන්ම dancing වලට ආස කෙනෙක්. නමුත් මගේ තාත්තා ඒ වෙනකොට කැමැති වුනේ නෑ මම dancing කරනවාට. මගේ තාත්තා කියනවා මන් ඉන්නේ කොල්ලෙක් විදියට එත් හැසිරෙන්නේ කෙල්ලේක් විදියට කියලා
තියනවා.

මගේ තාත්තා ඇත්ටම නැති වුනා ගිය මාසේ. මං මගේ ජිවිතේ වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ අම්මටයි තාත්තටයි. මම ගොඩක් වෙලාවට අශ්‍රය කරන්නනේ ගැහැනු ළමයින්ව.ඇත්තටම කිවුවොත් පිරිමි ළමයින්ව අශ්‍රය කරන්න බෑ. ආදරය කියන්නේ විඳින්න වගේම විඳවන්න වෙන දෙයක්.කොහොමටවත් මම විවාහයක් ගැන නම් හිතන්නේ නෑ. භාග්‍යාට පිරිමින් චරිතයක් කරන්න අධ්‍යක්ෂකවරයෙක්ගෙන් ආරාධනාවක් ලැබුනොත් එය භාරගන්වාද නැද්ද ඇහුවාම භාග්‍යා දිලා තිබුනේ මෙන්න මේ විදියේ උත්තරයක් මම කවදාවත් කරන්න බැරි දෙයක් භාර ගන්නේ නෑ. මම ඒ ආරාධනාව භාරගන්නේ නෑ.මොකද මට ඒ වගේ රඟපාන්න බෑ. මම ජනප්‍රියත්වය පස්සේ යන කෙනෙක් නෙමෙයි. මට මේ සමාජයේ ඉන්න මිනිසුන්ට කියන්න තියෙන්න අපි දිහා වැරදි කෝණයකින් බලන්න එපා. අපිත් මිනිස්සු. ලංකාවේ මට ආදරය කරන පිරිසකුත් ඉන්නවා. ඉතිං ඒ ආදරය මට හරිම ශක්තිමත්.