කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තුවේ කාර්ය
මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුලි සෝපානය තුළ රැඳී සිට තිබේ.

විමල් - අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න

කථානායක - මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්

විමල් - කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා