පකිස්තානය විසින් ඉන්දියානු ගුවන් යානයක් බිම දැමූ බවට පළවී
තිබෙන වාර්තා ඉන්දියානු බලධාරීන් අද 27 දහවල් ප්‍රතික්සේප කර තිබූ නමුත් සවස 3.30ට එරට හමුදා මාධ්‍ය ප්‍රකාශක රවීෂ් කුමාර් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එය සත්‍යයක් බව පිළිගෙන තිබේ. මිග් 21 යානයක් අහිමිවූ බව දන්වා ඇත.
එසේම තමන්ගේ ගුවන් නියමුවෙකු

අතුරුදන් බවද පිලිගෙන තිබේ.

ඒ සමගම ඔහු පවසා ඇත්තේ ඉන්දීය ගුවන් හමුදා
මගින් පකිස්තානු ප්‍රහාරක යානයක්ද අද බිම හෙළූ බවකි.සිය ගුවන් සීමාව උල්ලංඝනය කල පකිස්ථාන F16 යානා තුනෙන් එකක් බිම දැමු බව ඒ අනුව ප්‍රකාශ කර තිබේ.
පකිස්තානය එවැන්නක් තවම තහවුරු කර නැත. පකිස්තානය පැවසුවේ ඔවුන් ඉන්දීය යානයක් බිම දමා ගුවන් නියමුවා අත්අඩංගුවට ගත් බවයි.
මේ අතර පකිස්තානු බාරයට ගත් නියමුවාගේ ඡායාරූපයක්ද සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබේ.