විවාහ වී මසක් ගතවීමටත් ප්‍රථම තම සැමියාට තමන්ව එපාවී ඇතැයි පවසමින් කාන්තාවක් තඹුත්තේගම ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිලි කර තිබේ.

 එක් තරුණයකු තඹුත්තේගම නගරයේ හෝටලයක සේවය කර ඇති අතර ඔහු සේවා මුරය නිමවා යමින් සිටින දිනකදී තඹුත්තේගම කොත්මල්පුර පදිංචි තරුණියක් දැක ඇය කෙරෙහි ආලයක් ඇතිවි ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකර ගෙන තිබේ.

 ප්‍රේම සම්බන්ධය ඇතිවී දින පහක් ගතවන දිනයේදී මෙම තරුණයා තරුණිය විවාහ කරගෙන ඇති අතර මසක් පමණ නව යුවළ ආදරයෙන් සිට ඇති අතර එක්වරම තරුණයා තරුණිය නොරුස්සන ගති පෙන්වා ඇය ඔහුගේ යතුරුපැදියේ නංවාගෙන යෑම පවා ප්‍රතික්ෂේප කර නිතර
නිතර අඬ දබර වීමට පටන්ගෙන තිබේ.

 ඉතා ආදරයෙන් තරුණිය තරුණයාගෙන් මේ බව විමසු විට ඔහු පවසා ඇත්තේ තරුණියගේ කළු පැහැය නිසා තමන්ට කිසිසේත්ම ඇය නොගැලපෙන බවකි. සිද්ධියෙන් අසරණ වු තරුණිය නීතියේ පිළිසරණ පතා පොලිසියට පැමිණිල්ලක් කර තිබු අතර ඔවුන් දෙදෙනාට කරුණු අවබෝධ කරදීමට ළමා හා කාන්තා කාර්යංශයේ පො.කො ජයතිලක (66864) මහතා කොතෙක් උත්සාහ කළද පළක් වී නොමැත. අදාල තරුණිය කඳුළු සලමින් තමන් අසරණ වී ඇති නිසා වෙන් නොවන ලෙස තරුණයාට කොතෙක් ආයාචනය කළද තමන්ට කිසිසේත්ම මෙම තරුණිය නොගැලපෙන නිසා ඇයගෙන් වෙන් වීමට අවශ්‍ය බව පවැසීම නිසා සිවිල් නඩුවක් පවරා නීතියෙන් වෙන් වීමට පොලිසිය උපදෙස් ලබාදී තිබේ.