දකුණු බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවල වැසි තත්වයේ වැඩිවීමක් විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු
පළාතේ ඇතැම් ස්ථානවල

මිලිමීටර 100ත් 150ත් අතර තද වැසි ඇතිවිය හැකි අතර විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් මිලිමිටර 100 පමණ තද වැසි ඇති විය හැකිය. එමේන්ම ගිගුරුම් සහිත වැසි ඇති විට සුළගේ වේගය ඉහළ යා හැකි අතර විශේෂයෙන් මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.

මේ අතර අධික වැසි හේතුවෙන් යාන් ඔයෙහි ජල මට්ටම හොරොව්පතාන ප්‍රදේශයෙන් යම් වැඩිවිමක් වී ඇති බැවින් ඒ ආශ්‍රිත ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවද එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය. අනෙකුත් ගංගාවල ජල මට්ටම සාමාන්‍ය තත්ත්වයක පවතින බව ඒ මහතා කීය.


-ගයාත්‍රි ගිගනආරච්චි-