'සයිටම්' වෛද්‍ය විද්‍යාලය  අහෝසි කිරීම ඉකුත් 30 වැනිදා වන සිදු කළ යුතුව තිබුණද ඒ පිළිබඳ ගැසට් නිවේදනය මේ වන තුරු ප්‍රකාශයට පත් කර නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
සයිටම් වෛද්‍ය විද්‍යාලයේ

ඉගෙනුම ලැබූ ශිෂය ශිෂ්‍යාවන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය විද්‍යාලයට අන්තර්ග්‍රහණය කර සුදුසුකම් සපුරා ඇති සිසුන් ඇතුළත් කරගැනීමටත් අවශ්‍ය සුදුසුකම් නොමැති සිසුන්ට අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කිරිමෙන් පසු විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරිමටත් අවශ්‍ය ප්‍රතිපාදන සලසමින් උසස් අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් එවකට ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට පනතක් පත් කොට සහිත කළ  බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

'සයිට්' විද්‍යාලයේ ඉගෙනුම් ලැබූ සිසුන් එම පනත මඟින් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බැවින් "සයිටම්" වෛද්‍ය විද්‍යාලය අහෝසි වී ගැසට් නිවේදනය තවත් ප්‍රමාද කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි වෛද්‍ය හරිත අලුත්ගේ පෙන්වා දෙයි.

-ජේ.ටී.ද.සිල්වා-