සුනඛයින් විසින් සපා කන ලදයි කියන හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් අද (24) පෙරවරුවේ මස්කෙළිය,
බ්‍රන්ස්වික් තේ වතුයායේ “එමලිනා” කොටසේ සහකාර වතු අධිකාරිවරයාගේ නිවස අසල තිබී හමු වී ඇති බව  මස්කෙළිය පොලීසිය පවසයි.
අඩි 03 ක් පමණ දිග
අඩි එක හමාරක් පමණ උසින් යුක්ත හොඳින් වැඩුන මෙම හඳුන් දිවියා සපා කෑම නිසා සුනඛයින්ටද තුවාල සිදුවී ඇති අතර හඳුන් දිවියාගේ ශරීරයේද සුනඛයින් සපා කන ලද තුවාල දක්නට තිබේ.
මෙම දිවි මළ සිරුර සම්බන්ධව වනජීවි දෙපාර්තමේන්තුවේ, නල්ලතන්නිය කාර්යාලය වෙත දැණුම් දුන් බව මස්කෙළිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතා පැවසිය.

(ඡායාරූප හා සටහන-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)