ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන් වෙනයම් පක්‍ෂය සාමාජිකත්වය ලබා ගැනීම පක්ෂය තුළ විනය කඩකිරීමක්
යයි ශ්‍රීලනිප මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්

පියදාස මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සාමාජිකත්වය ගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව ප්‍රකාශ කලේය.
ඒ අනුව එවන් ක්‍රියා සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව මගින් විනය කමිටුවක් පත් කර ක්‍රියාමාර්ග ගන්නා බව දන්වා ඇත.
මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් 30කට අධික පිරිසක් ඊයේ (11) දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙන අතර ඒ අය වැඩිදෙනා මෑතකදී විසුරුවා හළ පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ලෙස පත්ව සිටි අයයි.
 කෙසේ වෙතත් අත ලකුන අතැර පොහොට්ටුවට ගියත් මහින්ද සමග සන්ධානගතවීමේ අපේක්සාවක් පවතින බව ඔහු කියා තිබේ.
අතීතයේ පටන් මෙවන් අවස්ථාවල පක්‍ෂයේ ලකුණ වන ‘අත’ ලකුණ වෙනුවට ‘රෝදය’, ‘පුටුව’, ‘බුලත්කොලය’ ආදී ලකුණුවලින් තරග කර තිබෙන බව කියන මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා මෙවර ද සියලූ දෙනා එකඟ වන ඡන්ද ලකුණක් තෝරාගන්නා බව සඳහන් කළේය.
    
මේ අවස්ථාවේ සිතිය යුතු වැදගත්ම දෙය වන්නේ පොදු සතුරාට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න බව කී මහාචාර්යවරයා අන් සියලූ කරුණු සළකන්නේ දෙවැනි කොට බව ද කීවේය.