අද කොළඹදී පැවති එක්සත් ජාතික පෙරමුණේ විරෝධතා ජන රැළිය අමතමින් ජනාධිපතිවරයාට ලබා
දෙන්නේ තවත් පැය කිහිපයක්

පමණක් බව දඹර අමිල හිමියන් පවසා තිබේ.

තවත් පැය කිහිපයක් ඇතුලත ජනාධිපති මන්දිරය වටලන බවත්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකළහොත් පිටකොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භකරන බවත්, එය මාරාන්තික උපවාසයක් දක්වා ගෙනයාමට සූදානම් බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

    “අපි ගැසට් සිරිසේනට කියනවා, බලාපල්ලා මහජනතාව, වටලනවා මන්දිරය. තව දෙන්නෙ පැය කිහිපයයි. වටලනවා. ප්‍රජාතන්ත්‍රවාදය කන්න හදන්න එපා. තමුසෙට ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් දැන් දීලා තියෙන්නෙ තීන්දුව. පාර්ලිමේන්තුවෙනුත් දුන්නා. තමුසෙට මතකද, අර ඊනියා මහරජාව මැදමුලනේ ජනේලේ එල්ලුවා වගේ තෝව, ගැසට් සිරිසේනව පොලොන්නරුවෙ වෙළේ හිටවනවා. අප්පුවාට රජකම ලැබුණා වගේ හතර අතේ වනනවා මේ පිස්සා. අපේ හයියෙන් තමයි ඔතෙන්ට ආවේ. ඩබලම එක මිටට තියලා පන්නමු. තව පැය කිහිපයයි දෙන්නේ. පිටකොටුවේ ඓතිහාසික සත්‍යග්‍රහයක් පටන් ගන්නවා. ඒක මාරාන්තික උපවාසයක් දක්වා යනවා”