අද(16) පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තුව තුළ පැවැති
විරෝධතාවයට මූලික හේතුව

ආණ්ඩුවට බහුතර බලය නොමැතිවිම බව ජනතා විමුත්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පිහියක් රැගෙන පැමිණියේ නම් අදාළ නිතීමය පියවර ගතයුතු බවයි. ඔහු අත්අඩංගුවට ගැනීමේ බලය ඇත්තේ කථානායකවරයාට නොව පොලිස් දෙපාර්තමේන්තුවට බව පෙන්වා දුන් ඔහු පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවීම මත මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයට බලයෙන් ඉවත්වීමට සිදුවීමේ අවාසියෙන් මිදෙන්නට ලෝකය හමුවේ රටට නිගා කරමින් මෙම විගඩම නටන බව පෙන්වා දුන්නේය.

පිහියක සිද්ධියක් පෙන්වා එයට හේතුවක් හදාගෙන ඇත්තේ මෙම අවමානයෙන් මිදෙන්නට බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ අංශු මාත්‍රයක ගරුත්වයක් නැතිව කථානායක අසුනට පාර්ලිමේන්තුවට කිසිදු ගරුත්වයක් නැතිව මොවුන් සතුන් සේ හැසිරෙන බවත් පෙන්වා දුන්නේය.