ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව ඊයේ 8 රාත්‍රියේ අපේගම පරිශ්‍රයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ මූලිකත්වයෙන් පැවති අතර එහිදී සැර කතාවක් කළ ජනපතිවරයා තමාගෙන ඇති තීන්දු තීරණ කිසිම
හේතුවක් නිසා අතරමග නතර

කරන්නේ නැති බවට කතාවක් සිදු කළේය.
ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩපිළිවෙළට සහාය දෙන ලෙය එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව එහිදී පැවසූ ජනාධිපති සිරිසේන එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකගව කළ හැකි තුරුම්පු තමා ළග තිබෙන බවද පවසා තිබුනි.
කෙසේ වෙතත් එම තුරුම්පුව කුමක්දැයි හෙළි කරේ නැත.
රජයට සහය දීමේ වැඩපිළිවෙළට එජාපය කැමති නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පුර්ණ කාලය ගත කිරීමට හැකිවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කිසිදු අවශ්‍යතාවක් හෝ බලාපොරොත්තුවක් තමන්ට නැතැයි ද ජනාධිපති ඊයේ ප්‍රකාශ කර තිබුනි. තමා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියට අනුව බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා ඒ සඳහා නීති විශාරදයින්ගගේ හා ව්‍යවස්ථාවේ විශාරදයින්ගේ උපදෙස් ලබා ගත් බවද සඳහන් කර ඇත.
කෙසේ වෙතත් අවසානයේ අද 9 රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති තීරණය කළේය.