දැනට අන්තර්ජාලයේ දැවැන්තම වීඩියෝ සමාජ ජාලාවක් ලෙස පවත්වා යන ගූගල් සමාගමට අයත් යූටියුබ් අද (17) උදෑසන තාක්ෂණික ගැටලුවකට ලක්විය. කෙසේ වෙතත් මේ වනවිට එය යථා තත්වයට පත්ව ඇත.
දෝෂය මතුවූ වෙලාවේෙ ලෝකය පුරාම යූටියුබ් නරඹන
මිලියන ගණනක් වුණ

පරිශිලකයින්ට එය වෙත පිවිසීමෙන්පසු දෝෂ හඟවන පණිවිඩයක් දිස්වූ අතර කිසිදු වීඩියෝවක් ධාවනය කරන්නට බැරිවිය.
මේ පිලිබඳ යූ ටියුබ් සමාගමට අයත් නිල ට්විටර් ගිණුමකින් අදහස් පළකර තමන් මෙම දෝෂ තත්වය ගැන දැනුවත් බවත් ඉක්මනින් යථා තත්වයට ගන්නට පියවර ගන්නා බවත් පමණක් දන්වා තිබුණි.