වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශය කොළඹින් බැහැර පූගොඩ ප්‍රදේශයට ගෙන යෑමට බන්ධනාගාර අමාත්‍යාංශය තීරණයක් ගෙන තිබේ. එම කාන්තා අංශය තුළ රඳවා සිටින කාන්තාවන්ගෙන් බහුතරයක්
කොළඹ හා ඒ අවට ප්‍රදේශවල

පදිංචිකාරීන් වීමත් එකී තත්ත්වය එම අංශය තුළ අනවශ්‍යය ප්‍රශ්න ඇතිවීමට හේතුවක් වී ඇති බව අනාවරණය වීමත් හේතුකොට ගෙන එකී තීරණය ගත් බව එම අමාත‍්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් බන්ධුල ජයසිංහ මහතා පැවැසීය.

තවද පිරීමි සිරකරුවන් රඳවා සිටින බන්ධනාගාරයකට යබදව කාන්තා බන්ධනාගාරයක් තිබීම කිසියම් ගැටලු සහගත තත්වයක් බවද එබැවින් ඉදිරියේදී කාන්තා බන්ධනාගාර පිරිමි සිරකරුවන් රඳවා සිටින බන්ධනාගාර ආශ්‍රිතව ඉදි නොකිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඒ මහතා පැවැසීය. එකී කාන්තා අංශය පූගොඩ ප්‍රදේශයට ගෙනයාම සඳහා ඉඩමක් සොයා ගැනීමේ කටයතු මේ දිනවල කරමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලයේ කාන්තා රැඳවියන් වහළ මත නැග කළ උද්ඝෝෂණද ආන්දෝලනයට තුඩු දුණි.

-කුමුදු උපුල් ශාන්ත-