නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතා  මීට සුළු මොහොතකට පෙර  අග්‍රාමාත්‍ය  කාර්යාලයේදී  සර්ව ආගමික ආශිර්වාදය මැද සිය රාජකාරී ආරම්භ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණි ලොකුගේ , නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, දිනේෂ් ගුණවර්ධන , බන්දුල ගුණවර්ධන ඇතුළු මන්ත්‍රීවරු රැසක්  මෙම අවස්ථාවට සහභාගී වී සිටිති.