ඒකාබද්ධ විපක්ෂයට එක්ව සිටින අය සිදු කළ පැරණි වංචාවන් රැසක් අධිකරණ  මගින් මේ සතිය තුළ විභාගයට ලක්වන බැවින් ජන බලය උද්ඝෝෂණ පසුපස ඇත්තේ ජනතාවට එම නඩු තීන්දු අවාසි ආකාරයට ලැබුණොත් ‘දේශපාලන පලිගැන්වීම්‘ ලෙස අර්ථ දක්වන්නට අවස්ථාව සලසාලීමේ අරමුණක් බව රජය චෝදනා කර තිබේ.

පහත පළවන්නේ මේ සතිය තුළ විභාගයට ගැනුණු හා ගන්නා එම නඩු කිහිපයයි. මෙම උද්ඝෝෂණය සංවිධානය කරන නාමල් රාජපක්ෂට අද 5 අධිකරණයේ පෙනී සිටීමට නියමිත අතර ලලිත් වීරතුංග, අනුෂ පැල්පිට,මහින්දානන්ද අලුත්ගමගේ,ගෝඨාභය රාජපක්ෂ, ,චම්පික කරුණාරත්න,හේවා ගුණරත්න භාෂ්වර සේනාංක,

දොන් සතරසිංහ ජයවීර, ඇන්ටන් හා රොනල්ඩ් සෙබස්තියන් යන අය සම්බන්ධ නඩු කිහිපයක් මෙම සතියේ විභාගයට යොමු කර ඇත.

2018.09.03 (සඳුදා) -  ලංකා ස‌තොස ආයතනයේ භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා වංචා කිරීම
සැකකරුවන් - ජොන්ස්ටන් ප්‍රනාන්දු , මොහිදින් මොහොමඩ් ෂාකිර්, කච්ච්කඩුගේ නලින් රුවන්ජීව ප්‍රනාන්දු

2018.09.04 (අඟහරුවාදා) - කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂන මණ්ඩලයේ සිදු වී ඇති අක්‍රමිකතා
සැකකරුවන් - හඳුනාගැනීමට නියමිත අතර මෙතෙක් නම් කර නොමැත

2018.09.05 (බදාදා) - ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු මුදල් රුපියල් 5,738,075.00 ක මුදල් අක්‍රමිකතාවයක් සිදු කිරීම
සැකකරුවන් - හේවා ගුණරත්න භාෂ්වර සේනාංක, දොන් සතරසිංහ ජයවීර

2018-09-05 (බදාදා) - සිල් රෙදි බෙදා දීම වෙනුවෙන් කොළඹ මහාධිකරණ නඩු අංක 8026/15 යටතේ පැවති නඩුවේ චූදිතයින් වැරදිකරු කිරීමේ තීන්දුවට එරෙහි අභියාචනය
සැකකරුවන් -ලලිත් වීරතුංග / අනුෂ පැල්පිට

2018-09-05 (බදාදා) -  මුදල් විශුද්ධිකරණ පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට

ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම වෙනුවෙන් එයට විරුද්ධව පනවා ඇති නඩුව
සැකකරු - නාමල් රාජපක්ෂ

2018.08.07 (සිකුරාදා) - හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අයථා ලෙස උපයාගන්නා ලද දේපළ අමල් ප්‍රියංකර නමින් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනය
සැකකරුවන් -තවම නම් කර නැත - මහින්දානන්ද අලුත්ගමගේ නම් කරනු ඇත

2018.09.07 (සිකුරාදා) - වීරකැටිය ව්‍යාපෘතිය නමින් සංවිධානයක් පිහිටුවා හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙමව්පියන් වෙනුවෙන් කෞතුකාගාරයක් හා ස්මාරකයක් ඉදි කිරීම
අධිකරණය හා නඩු අංකය - කොළඹ ප්‍ර ම.උ 4 බී 30485/4/15
සැකකරුවන් -තවම නම් කර නැත - ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ඇත

2018.09.07 (සිකුරාදා)- ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කරමින් සිදු කර ඇති වංචනික ක්‍රියා සහ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම
සැකකරුවන් - හේවාබෝරුප්පගේ දීඝමෙවන් චම්පික කරුණාරත්න

2018.09.07(සිකුරාදා) - ASTADIK OVERSEAS LANKA (PRIVETE LIMITED) සමාගම විසින් මෙරටට එතනෝල් ආනයනය කිරීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධව
සැකකරුවන් - ඇන්ටන් රොනල්ඩ් සෙබස්තියන්