මුලතිව්, අලම්පිල් වෙරළ තීරයට ගොඩගසා  සිටි මිණිමුතු මෝරකු බේරා දියඹට මුදාහැරීමට නැගෙනහිර
නාවික විධානයට අයත් ශ්‍රී 

ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයේ නාවිකයන් පිරිසක් 10 වැනිදා කටයුතු කර තිබේ. මුලතිව්, ධීවර පරීක්‍ෂක කාර්යාලයට  අනුයුක්ත ධීවර පරීක්‍ෂක මොහාන් කුමාර මහතා  විසින් අලම්පිල් පිහිටි නාවික අනුඛණ්ඩයට මෝරා සම්බන්ධයෙන් දැනුවත් කිරීමෙන් පසු ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ ගෝඨාභය ආයතනයේ අණදෙන නිලධාරීවරයා ඇතුළු නාවිකයන් දැඩි පරිශ්‍රමයකින් මෝරා මුහුදේ සැතපුම් 03ක් පමණ දුරකට ගෙන ගොස් දියඹට මුදාහැර ඇත.

විශාලතම මෝර විශේෂයකට අයත් වූ මෙම මෝරා සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් 9,000ක් පමණ බරින් යුතු හා දිගින් මීටර් 9ක් පමණ විශාලව වැඩෙන මෝර විශේෂයකි. මෙම මෝර විශේෂය සාමාන්‍යයෙන් වසර 70 - 100ක් පමණ ජීවත් වන අතර දැනට ලෝකයේ වඳ වෙමින් සිටින සත්ව විශේෂයක් ලෙස නම් කර තිබේ. ශ්‍රී ලංකාවේදී මෙම මෝර වර්ගය ඇල්ලීම  තහනම් කර ඇත.

-ඕ.කමලනාථ-