විකට රූපවාහිනී කතා මාලාවක් නිසා 1980 දශකයේ ලෝක ප්‍රසිද්ධවූ ඇමරිකානු නළු බිල් කොස්බි ඇමරිකානු ප්‍රාදේශිය අධිකරණයකින් ස්ත්‍රී දූෂණ චෝදනාවකට වරදකරු වීම නිසා ඊයේ වසර 3 සිට 10 ක සිර දඩුවමකට ලක්වුණා.
මේ වනවිට 81 හැවිරිදි වියේ පසුවන ඔහු මීට වසර 14 කට පෙර (2004)  67 වන වියේ සිටියදී Andrea Constand නමැති ඇමරිකානු සරසවි ශිෂ්‍යාවකට බලහත්කාරයෙන් මත්වන දේ පොවා ඇයව දූෂණය කළ බව
චෝදනාවේ දැක්වේ. මෙයට අදාළ නඩුවේදී බිල් කොස්බිගේ නීතීඥයින් ඔහු මානසික ආබාධ සහිත පුද්ගලයෙකු බව දක්වමින්

මෙම දූෂණ සිද්ධිය සිහිකල්පණාවෙන් තොරව කළ බවට පැවසූ නිසා නඩුව විසඳුමකින් තොරව දිගින් දිගට ඇදී ගිය අතර ඔහු මනෝ ආබාධිතයෙකු බවට පළ කළ වාර්තා සත්‍ය යෙන් තොර බවට පැමිණිලි පාර්ශවය 2015 දී ඔප්පු කිරීමත් සමග බිල් කොස්බි අත්අඩංගුවට පත්විය.

කෙසේ වෙතත් නඩුවට අදාළ තීන්දුව දීම සිද්ධියෙන් වසර 14 ක් ගතවී ප්‍රමාද වී තිබුණ අතර ඊයේ පෙන්සිල්වියානු ප්‍රාදේශීය අධිකරණ විනිසුරු දන්වා සිටියේ එල්ලවී ඇති චෝදනා මත ‘බිල් කොස්බි සමාජයේ කවර තරාතිරමක පුද්ගලයෙකු වුවත්‘ ස්ත්‍රී දූෂණය සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවී ඇති හෙයින් මෙම දඩුවම පනවන බවයි.

ඒ අනුව ඔහුට වසර 3 සිට 10 දක්වා සිරදඩුවමක් හා ඇමරිකානු ඩොලර් 25000 ක දඩයක් පනවා ඇත.81 හැවිරිදි නළුවාගේ සිර ජීවිතයේ වසර 3 කට පසු යහපත් කල් ක්‍රියාව පැවතියොත් ඔහුට නිදහස්වීමට හැකි වන අතර එසේ නොවුණොත් එය වසර 10 දක්වා දීර්ඝ කරන සිර දඩුවමක් බවට පත්වන බව අධිකරණය දන්වා ඇත. ඊයේ සිරගතවීම සිදු කරන අවස්ථාවේ බිල් කොස්බි අධිකරණය වෙත තනිව පැමිණි බවද වාර්තා වල දැක්වේ.
කෙසේ වෙතත් තීන්දුව සම්බන්ධයෙන් නැවත අභියාචනයක් ඉදිරිපත් කරන බව විකට නළු කොස්බිගේ නීතීඥයින් දන්වා ඇත.