ජවිපෙ නිර්මාතෘ රෝහණ විඡේවීරගේ කතා පුවත ඇතුළත් "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය ඇමෙරිකාවේ ඔස්‌කාර් සම්මාන උළෙලේ පළමු වටය සඳහා තෝරාගෙන ඇත.

 අනුරුද්ධ

ජයසිංහ විසින් අධ්‍යක්‍ෂණය කළ "ගින්නෙන් උපන් සීතල" (The Frozen fire) ඔස්‌කාර් සිනමා උළෙලේ ප්‍රධාන ධාරාවේ හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය සඳහා මෙසේ පළමු වටය නියෝජනය කරයි.

 මින් පෙර ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ "වෑකන්ද වලව්ව" සහ චන්ද්‍රන් රත්නම්ගේ "අලිමංකඩ" සිංහල චිත්‍රපට දෙක ඔස්‌කාර් සිනමා උළෙල නියෝජනය කළ ද ඒ මෙම ප්‍රධාන ධාරාවේ සම්මානයක්‌ සඳහා නොවේ.

 කලාපයේ චිත්‍රපට ඔස්‌කාර් සිනමා සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කරන්නේ All Lights Film Services (Pvt) Ltd නමැති ඉන්දීය ආයතනයක්‌ විසිනි එම ආයතනය මෙවර ඒ සඳහා තෝරාගෙන තිබෙන්නේ "ගින්නෙන් උපන් සීතල" චිත්‍රපටය වේ.

 මේ අනුව මෙම චිත්‍රපටය උළෙලේ පළමු වටය නියෝජනය කිරීම වෙනුවෙන් සැප්තැම්බර් මස ලොස්‌ ඇන්ජලිස්‌ හි සතියක්‌ පුරා ප්‍රදර්ශනය කරනු ලබයි. එහිදී විශේෂ ජූරියක්‌ විසින් චිත්‍රපටය දෙවැනි වටය සඳහා තෝරා ගන්නවාද නැද්ද යන්න තීරණය කරනු ඇත.


චිත්‍රපටයේ රෝහණ විඡේවීරගේ චරිතය කමල් අද්දරආරච්චි විසින් රඟපාන අතර ජගත් මනුවර්ණ, දිල්හානි අශෝකමාලා, සුලෝචනා වීරසිංහ, විශ්වජිත් ගුණසේකර ඇතුළු ශිල්පීහු රැසක්‌ රඟති. නිෂ්පාදනය චමත්කා පීරිස්‌ ය.