2018 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තීරණාත්මක අවසන් පූර්ව තරග දෙකකින්
සත්කාරක රුසියානු කණ්ඩායම හා ප්‍රබල ස්වීඩන කණ්ඩායම පරාජයට පත් විය.

ක්‍රොයේෂියාව හමුවේ රුසියාව 2-2 ලෙස සමවූ අවස්ථාවේ දඩුවම් පහර මගින් 4-3 ලෙස පරාජයට පත්විය.

එංගලන්තය හමුවේ ස්වීඩනය 2-0 ලෙසත් පරාජය වූ අතර මේ අනුව 11 වනදා පැවැත්වෙන අර්ධ අවසන් තරගය සදහා ක්‍රොයේෂියාව හා එංගලන්තය මේවනවිට තේරී පත්ව ඇත.
පරාජිත ස්වීඩනය එෆ් කාණ්ඩයෙන් පෙරමුණේ සිටි අතර පරාජිත රුසියාව ඒ කාණ්ඩයෙන් දෙවැනි තැන සිටි රටයි.
අර්ධ අවසන්  වටයේ ඊළග තරගය 10 වනදා  ප්‍රංශය හා බෙල්ජියම  අතර පැවැත්වෙන අතර
අවසන් තරගය පවත්වන්නේ 15 වනදාය.